විවාහ සීහුම් පරීක්ෂාව
(පොරොන්දම් ගැලපීම).
නක්ෂත්‍ර (නැකත්) පොරොන්දම.
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ අධ්‍යාපනික සහ පුද්ගල සම්බන්ධතා,අරමුණු,අවබෝධය, ජීවිතය පිලිබද දැක්ම, ආකල්ප,. ගතිපැවතුම්
ගණ පොරොන්දම
දේව,. මනුෂ්‍ය සහ රාක්ෂ යන ගණ වලින් පුද්ගලයන්ගේ අභ්‍යන්තර ගති පැවතුම්, පෞර්ශත්වය,. ත්‍යාගශීලී බව,. කරුණාව,. දැඩි බව.
මහේන්ද්‍ර පොරොන්දම
විවාහයෙන් ලබන දරුවන් බුද්ධිමත් බව හා ප්‍රීතිමත්ව වාසය කිරීම,යහපතක් හෝ අයහපතක් අත්වේද සහ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව
ආදී කරුණු.
ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
විවාහ දිවිය සුහදතාවය සහ අවංකභාවය,සාමදානයෙන් ගෙවේද,නිතර අඩ දබර ඇතිවේද,විවාහයෙන් පසුව එකිනෙකාගේ අභ්‍යන්තර බැඳීම.
යෝනි පොරොන්දම
විවාහ අපේක්ෂක දෙදෙනාගේ ජන්ම පුරුදු නිසා ඇති වන ගැටුම්,ලිංගික
තෘප්තිය සහ විවාහ අපේක්ෂක දෙදෙනාගේ අනෙකුත් කායික ගැලපීමද පිළිබද සමාලෝචනය.
රාශි පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ භවාන්ග සිත් වල ගැලපීම පරීක්ෂා
කිරීම, අමතර වශයෙන් බාහිර සහ අභ්‍යන්තර ගති ගුණ පරික්ෂාව.
රාශාධිපති පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනා එකතු වී ක්‍රියා කරන ආකාරය යහපත්ද අයහපත්ද යන්න බාහිර
සමාජය සමඟ දෙදෙනා විසින් ගොඩනගා ගන්නා සබඳතා.
වශ්‍ය පොරොන්දම
විවාහ යෝජිත එකිනෙකා අතර ඇතිවන ජන්මාන්තරගත ආදරය දිගුකාලීනව පවතීද යන්න.
රජ්ජු පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනා ජීවිතයේ බැදීම
දෙදෙනාගේ ශාරීරික අන්ගයන් එකිනෙක
ගැලපෙනවාද යන්න සහ එවා අතර සන්වේදනය කුමන ආකාරයෙන් සිදුවේද යන්න.
වේධ පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනා අතර අන්‍යොන්‍ය සම්බන්දතාවයේ ශක්තිමත් බව.
වෘක්ෂ පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනා ට දරු ඵල ඇති කිරීමට හෙතු වන ධාතු ශක්තිය පිලිබද
බල දුබලකම් මැනීම.
ආයුෂ පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ ආයුෂ සලකා බැලෙන අතර ගණනයයෙන් ප්‍රතිඵල ලෙස
ලැබෙන ශේෂයන් මත එකිනෙකා ආදරවන්තයින් ලෙස වැඩි කලක් ජීවත් වේද යන්න.
පක්ෂි පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ මානසික මට්ටම් වල මිතුරු සතුරු බව මෙන්ම බෙදාහදා ගැනීම්
පිළිබඳ තොරතුරු.
භූත පොරොන්දම
පඨවි (ඝණ),. ආපෝ (ද්‍රව),. තේජෝ (ශක්ති),. වායෝ (වායු) සහ ආකාශ (ආකාශ) යනු පන්ච මහා භූතයන්ට අනුව විවාහ යෝජිත දෙදෙනාගේ ශරීර දෙකෙහි සංගටක වල යම් ගුණාත්මක
ගැලපීමක් පරීක්ෂා කෙරේ.
ගෝත්‍ර පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ උපන් නැකත් සහ ජෝතිශයට අනුව සිය පරම්පරාවන් එකිනෙකා හා
මුහුවේද යන්න මූලික වශයෙන් සාකච්ඡා කෙරේ.
වර්ණ පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ පවුල් පසුබිම් වල ගැලපීම මෙමගින්
පරීක්ෂා කෙරෙන අතර ජ්‍යෝතිශ්‍යට අනුව කුලයන් පදනම් කර මූලික ගණිතමය විග්‍රහයක්
මෙයින් සිදු කෙරේ.
ලිංග පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ ලිංගික තෘප්තිය හා සමගිය ආදරය ගැන මෙයින් කියැවෙන අතර
මෙය යෝනි පොරොන්දම සමගද සම්බන්ධතාවයක් පවතී.
නාඩි පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ නාඩි ශක්තිය පිලිබදව පරීක්ෂා කෙරෙන අතර රුධිර ගැළපූම, නහර
ශක්තිය, ජාන සම්බන්ධතාවයන් පිළිබදවද සලකා බලයි.
දින පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ උපන් දිනයන් හා දවස පදනම් කර ගනිමින් එදිනෙදා කරන කියන
කටයුතු කාරණා වල දියුණුව සහ පැවැත්ම ආදියෙහි ගැලපීම.
ග්‍රහ පොරොන්දම
විවාහ යෝජිත දෙදෙනාගේ ඉරණමේ හෝ කර්මයන්ගේ බලපෑම,. ඔවුනොවුන්ගේ
සමස්ථ ක්‍රියාකාරකම් වලින් දෙදෙනාට අන්‍යෝන්‍ය ලෙස ප්‍රථිඵල අත්වේද යන්න පරීක්ෂා
කෙරේ.

No comments:
Post a Comment