හිස කෙස් කැපීම



පිරිසිදු නැවුමි භාජනයකට පිරිසිදු ජලය දමා එයට සුදු සඳුන්, සමන් පිච්ව මල් තුනක්ද දමා තුණුරුවන් වඳින ස්ථානයෙහි තබන්න. නැකතට විනාඩි දහයකට පමණ පෙර මල් පහන්, සුවඳ දුම් පුජා කර තෙරුවන් නැමද, තෙරුවන් සරණිනින් සහ විෂ්ණු, කතරගම, සුමන සමන්, පත්තිනි, ගමිබාර ආදී වූ සියලූ දෙවියන්ට දන්නා ආකාරයෙන් පිං අනුමෝදන් කර  සියලූම දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් දරුවාට නිරෝගි බව හිමි වේවා, රූප සම්පත්තිය ලැබේවා, යහපතක්ම වෙවා යන අධිෂ්ඨානයෙන් යුතුව ජල බඳුන අතට ගෙන ඊට ඉතිපිසෝ ගාථාවෙන් සත් වරක් කියා ඉන් ජලය ස්වල්පයක් ගෙන දරවාගේ හිස් මුදුනේ ගා අදාල නැකත සහ දිශාව  බලා කෙස් ස්වල්පයක් කපා අනතුරුව සුදුසු පරිදී කොණ්ඩය කපා ගන්න. මේ ආකාරයෙන් දම්සාර ජ්‍යොතිෂ සේවා වෙතින් පෙන්වා දුන්නේ ඉතාම සරල ආකාරයෙන් දරුවාගේ කොණ්ඩය කැපීම සිදු කරන ආකාරය වන අතර වෙනත් ආගමිකයන් සිය ආගම සිහිකර ඉහත ආකාරයට කටයුතු කිරිම යෝග්‍ය වේ.

No comments:

Post a Comment