ඉඳුල් කට ගෑම

පිරිමි දරුවෙකු නම් වයස මාස 6, 8,10 හෝ 12 යන වයස් සීමා වන්හිදීද, ගැහැණු දරුවෙකු නමි වයස මාස 7, 9, 11 දීද උදාවන සුබ නැකතක් අලලා ප‍්‍රථම බත් කැවීම සුදුසු වන අතර නැකතට ප‍්‍රථමයෙන් නිවසේ තුණුරුවන් වන්දනා මාන කරන ස්ථානය අසල බිම පැදුරක් හෝ පිරිසිදු සුදු රෙද්දක් මත භාජන වල දරුවාට ආහාරයට ගැනීමට සුදුසු පරිදී සකසන ලද කැකුළු සහල් වලින් සැකසු බත්ද, කිරි හොදිද, තවත් සුදුසු එලවළුවක් හෝ දෙකක්ද සකස් කර කැවිලිපළතුරු, රන් රිදී, මිල මුදල් ආදියද තබන්න. දරුවාවද එදිනට නියමිත සුබ වර්ණයට අදාල ඇඳුමකින් වර්ණවත් කරන්න.


දරුවාට බත් කැවීම පියා හෝ මාමා අතින් සිදුකල යුතු බව පැවසනෙ මුත් ආදරය, කරුණාවක්, සෙනෙහසක්, ලබාදෙන මව හෝ වෙනත් අයෙකු ලවා කිරීම අයහපත් නොවේ. නැකතට විනාඩි කිහිපයකට ප‍්‍රථමයෙන් බුදුන්ට සහ සීවලි මහරහතන් වහන්සේටත් සැකසූ අහාර, මල් පහන්, සුවඳ ඇතුලත්ව පුජා කරන්න. තුණුරුවන් පිහිටෙන්ද සහ විෂ්ණු, කතරගම, ගමිබාර, සුමන සමන්, පත්තිනි දෙවියන්ට පිං අන්මෝදන් කර සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන්ද, දරුවාගේ නිරොගි බව සුරැකේවා, අනාගතයට සුබ සෙතක් වේවා යන්න අධිෂ්ඨාන කර සුබ දිහාව බලා සුබ මොහොතින් කැකුලු සහල් බත් කිරි හොදි සමග මුසු කර දරුවාට කැවීම සිදු කරන්න.
ඒ සඳහා බුදුන් වඳින ස්ථානය අසල තැනක් ප‍්‍රයෝගිකව යොදාගත නොහැකි නම් වෙනක් ස්ථානයක් යොදා ගැනීම වරදක් නොවේ. නැතහොත් අදාල බත් කැවීම සිදුකරන ස්ථානය අසල සුදුසු ස්ථානයක බුදු රුවක්, සීවලි මහරහතන් වහනසේගේ රුවක් ඉදිරියේ අනෙකුත් අවශ්‍ය දෑ ඉහත පරිදි සකස් කර පූජා කරන්න. මේ ආකාරයෙන් දම්සාර ජ්‍යොතිෂ සේවා වෙතින් පෙන්වා දුන්නේ ඉතාම සරල ආකාරයෙන් දරුවාට ප්‍රථම බත් කැවීම සිදු කරන ආකාරය වන අතර වෙනත් ආගමිකයෝ තමන්ගේ ආගමික චාරිත‍්‍රයන් සිදුකොට නියමිත නැකතට ඉහත පරිදීම අධිෂ්ඨාන කොට අදාල කටයුතු කිරිම යහපත් බව  දම්සාර ජ්‍යොතිෂ සේවා ප්‍රථමයෙන් අවධාරණය කර සිටිමු.

No comments:

Post a Comment