ශ්‍රී විෂ්ණු

 विष्णु (संस्कृत उच्चारण: [vɪʂɳu]; संस्कृत: विष्णु, Viṣṇu) हिंदू धर्म के प्रमुख देवताओं में से एक हैं। वैष्णव मत के अनुसार, वे परम आत्मा या परम सत्य के रूप में पूजे जाते हैं।

ब्रह्मा, विष्णु और शिव — इन तीन देवताओं की त्रिमूर्ति में, विष्णु को “विश्व के रक्षक” के रूप में माना जाता है।

वैष्णव मत के अनुसार, विष्णु ब्रह्मांड के सर्वोच्च ब्रह्म हैं। ऐसा विश्वास किया जाता है कि वे विभिन्न युगों में अनेक अवतार लेकर संसार को बुराई से बचाते हैं।
उनके प्रमुख अवतारों में राम (रामायण में वर्णित) और कृष्ण (महाभारत में उल्लेखित) सबसे प्रसिद्ध हैं।

उन्हें नारायण, जगन्नाथ, वासुदेव, विठोभा और हरी नामों से भी जाना जाता है।
हिंदू धर्म की पंचायतन पूजा में जिन पाँच प्रमुख देवताओं की उपासना की जाती है, उनमें विष्णु भी एक हैं।

हिंदू धार्मिक मूर्तिकला में, विष्णु देव को हल्के या गहरे नीले रंग के रूप में दर्शाया जाता है और उनके चार हाथ होते हैं।
उनके बाएँ हाथ में गुलाबी कमल का फूल, दाएँ हाथ में कौमुदकी गदा, ऊपर बाएँ हाथ में पाञ्चजन्य शंख, और ऊपर दाएँ हाथ में सुदर्शन चक्र दिखाया जाता है।

प्राचीन वर्णनों के अनुसार, विष्णु देव शेष नाग के ऊपर शयन करते हैं और लक्ष्मी देवी उनके पास उपस्थित रहती हैं।
इसका प्रतीकात्मक अर्थ यह है कि विष्णु ब्रह्मांड को वास्तविक रूप देने वाला दिव्य शक्ति हैं, जो सृष्टि के सपने को यथार्थ में बदलते हैं।



විෂ්ණු (සංස්කෘත උච්චාරණය : [ vɪʂɳu ] ; සංස්කෘත : विष्णु , Viṣṇu ) හින්දු ආගමේ ප්‍රධානතම දෙවිවරුන්ගෙන් කෙනෙකි. වෛශ්ණවවාදයට අනුව පරම ආත්මය හෝ පරම සත්‍ය ලෙස හැඳින්වේ. බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තියෙන් ‘‘විශ්වය ආරක්ෂාකරන්නා“ විෂ්ණු දෙවියන්ය. වෛෂ්ණවවාදයට අනුව විෂ්ණු දෙවියන් විශ්වයේ උත්තරීතරම බ්‍රහ්මයා සේ හඳුන්වයි. එතුමා විවිධ යුග වලදී විවිධ අවතාර දරා ලෝකය නපුරෙන් ආරක්ෂා කරන බව විශ්වාසයයි. එතුමාගේ අවතාර අතර වැඩිපුර අවදානයට ලක්ව ඇත්තේ රාමායනයෙහි කියැවෙන රාම සහ මහාභාරතයෙහි සඳහන් ක්‍රිෂ්ණ අවතාරයි. එතුමන්ව නාරායන, ජගන්නාථ, වාසුදේව, විතෝභ සහ හරී යනුවෙන්ද හඳුන්වනු ලබයි. හින්දු ආගමේ පංචායටන පූජාවේදී වන්දනා කරනු ලබන දෙවි වරුන් පස් දෙනාගෙන් එක් අයෙක් වන්නේ විෂ්ණු දෙවියන්ය.

හින්දු ආගමික ප්‍රතිමා නිර්මාණයේදී විෂ්ණු දෙවියන් දීප්තියෙන් අඩු නිල් හෝ තද නිල් වර්ණයෙන් යුක්ත වන අතර අත් හතරකින් සමන්විත වේ.

එතුමාගේ වම් අතේ රෝස නෙළුම් මලකුත්, දකුණු අතේ කෞමෝදකී ගදාවත්, පංචජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් ඇති ලෙස දක්වා ඇත.

විෂ්ණු දෙවියන් පිළිබඳව සඳහන් පැරණි විස්තර වලට අනුව එතුමා ශේෂ නාගයාගේ දරණය මත සැතපී සිටින අතර ලක්ෂ්මී දේවියද එතුමා ළඟින් සිටී. එහි ගැබ් වූ අරුත වන්නේ විශ්වය යතාර්ථයක් කිරීමට සිහින දකිනවා යන්නයි.

විෂ්ණු අවතාර

හින්දු ආගමේ සඳහන් අවතාර සංකල්පය බොහෝ අවස්ථාවලදී ත්‍රී මූර්තිය වන බ්‍රහ්ම, විෂ්ණු, ශිව දෙවිවරුන් අතරින් ලෝක ආරක්ෂක විෂ්ණු දෙවියන් හා බැඳී පවතී. (මෙහිදී අවතාර යනු දෙවියන් මනුලොව පහල වීමයි) විෂ්ණු දෙවියන් අවතාර දරණුයේ ලෝකයේ යහපත ආරක්ෂා කිරීමටත් නපුරට එරෙහිව සටන් කිරීමටත් සහ ධර්මය ස්ථාපිත කිරීමත් උදෙසායි.

දශඅවතාර

භගවත් පුරාණයේ සඳහන් වන ආකාරයට විෂ්ණු දෙවියන්ගේ අවතාර අප්‍රමාණ වන අතර අවතාර දහයක් (දශඅවතාර) එතුමන්ගේ පූර්ණ රූපයෙන්ම දැක්වේ. එම ප්‍රධාන අවතාර දහය ගැන අග්නි පුරාණය, ගරුඬ පුරාණය සහ භගවත් පුරාණය යන ග්‍රන්ථ වල දක්වා ඇත. පංචරාත්‍ර නම් ග්‍රන්ථයේ අවතාර තිස් නවයක් ගැන දක්වා ඇත. මෙම ප්‍රධාන අවතාර දහය දශඅවතාර ලෙස හඳුන්වයි.

 

විෂ්ණු දෙවියන්ට භාවිතා වන දහසක් නම්

විෂ්ණු දෙවියන්ට විශාල නම් සංඛ්‍යාවක් භාවිතා වන අතර එම නම් විෂ්ණු සහස්‍රනාම (විෂ්ණු දෙවියන්ගේ දහසක් නම්) යන මහාභාර‍තයේ කොටසක් වන පරිච්ඡේදයක සඳහන් වේ. කුරුක්ෂේත්‍ර සටන් භූමියේදී භීම විසින් ක්‍රිෂ්ණා ඉදිරියේ විෂ්ණු දෙවියන්ගේ බල මහිමය වර්ණනා කිරීම සඳහා මෙම නම් පවසනු ලැබීය. වෛෂ්ණව වාදය අනුගමනය කරන්නන් මෙම සහස්‍රනාම සියළුම වේද ග්‍රන්ථවල වටිනාම කොටස ලෙස සලකනු ලබන අතර භක්තිමත්ව මෙම නාම ගායනා කරන්නෙකුට අධ්‍යාත්මික යහපත් භාවය හා දෙවියන් පිළිබඳ ඉහල හැඟීමක් ඇතිවේ.

විෂ්ණු දෙවියන්ගේ නාභියෙන් පැන නගින නෙළුම් මලක් මත මහා බ්‍රහ්මයා වැඩ සිටින අයුරු.

මෙම නාම අනත්ත කල්‍යාණ ගුණ (අනන්ත වු පුජනීය ගුණ) කොටසින් උපුටාගෙන ඇත.




·         අක්සුඨ

·         උපේන්ද්‍ර (තාරකාමය යුද්ධයේදී ඉන්ද්‍ර දෙවිදුන් හා හුන් ප්‍රබලයා නිසා)

·         අනන්ත (සදාතනික)

·         දාමෝධර (උදරය වටා ලණුවක් (දම) සහිත තැනැත්තා - ක්‍රිෂ්ණ)

·         ගෝවින්ද (ගවයන්, බ්‍රහ්මයන්ගේ ආරක්ෂක, ක්‍රිෂ්ණාට ‍යෙදෙන  නමකි)

·         හරි (පාපයෙන් මුක්ත කරන්නා යන්නයි)

·         හයග්‍රීව (ඥානය ලබාදෙන්නා)

·         ජගන්නාථ (විශ්වයේ පාලකයා/ විශ්වයේ අයිතිකරු)

·         ජනාර්ධන (ධනවත් පුද්ගලයන්ගේ වැඳුම් පිඳුම් ලබන්නා)

·         කේශව (කේශී ඝාතකයා, අලංකාර කෙස්වැටියක් සහිත තැනැත්තා අථර්වන්වේදය VII, 6,         23)

·         ක්‍රිෂ්ණ (තුන්වන යුගයේ උපත ලැබු අතර එතුමන්ගේ කාර්යයන් ගවයන් ආරක්ෂාවේ සිට            පෘථිවිය පාපයෙන් මුදා ගැනීම තෙක් විහිදේ)

·         මාධව (වසන්ත සමයට සම්බන්ධ)

·         මධුසූධන (මධු නම් රාක්ෂයා විනාශ කල තැනැත්තා)

·         නාරායන (සියළු මනුෂ්‍යයන්ගේ පදනම වන උත්තමයා/ ජලයේ වැතිර සිටින්නා ලෝකයේ         සෙවණ)

·         පද්මනාභ (එතුමන්ගේ නාභියෙන් ඇති වු නෙළුම් මලකින් විශ්වය මැවු බ්‍රහ්මයා ඇති වු බව         කියවේ)

·         පෙරුමාල් (දමිළ භාෂාවේ ව්‍යවහාර වන නම)

·         පුරුෂෝත්තම (අති උතුම් ‍සදාතනික ජීවය)

·         රාම (දෙවන යුගයේ උපත ලැබු එතුමා මනුෂ්‍යයාගේ ආචාර ධර්ම නැවත ඇති කරන ලදී)

·         ඍෂිකේෂ් (හදවතේ දෙවියන්)

·         සත්‍යනාරායන (සත්‍යය හා නාරායන වචන දෙකේ සංයුතියෙන් තැනි ඇති මෙහි අර්ථ                 සත්‍යයේ ආරක්ෂකයා යන්නයි)

·         ශ්‍රීධර (ශ්‍රී ලක්ෂ්මි දේවියගේ ස්වාමියා)

·         සිද්ධාර්ථ (බුදුරජාණන්වහන්සේ ද විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සමහර හින්දු                 භක්තිකයන් සලකති)

·         ශ්‍රීමාන් (ලක්ෂ්මි දේවියගේ අභිමානය) ශ්‍රීමාන් හා නාරයන නම නාම දෙක සංයුක්ත වීමෙන්       ශ්‍රීමාන් නාරයන නාමය භාවිතා වේ.

·         ශ්‍රීනිවාස (තිරුපති දේවාලයේ පවතින ස්වරූපය සඳහා මෙම නාමය විශේෂයෙන් භාවිතා වේ.       තිරුපති දේවාලයේ ස්වරූපය වෙන්කටේශ්වර නමිද හැඳින්වේ.)

·         ත්‍රිවික්‍රම (තුන්ලෝකයම අත්කරගත් තැනැත්තා, වාමන අවතාරය ලෙස)

·         විශාල් (අති උතුම්, නැවැත්විය නොහැකි)

·         වාමන (ඉතා කුඩා හෝ මිටි ස්වරූපය)

·         වාසුදේව (සියල්ලටම අධිපති දෙවි)

·         උවිඳු (සියළු උපායන් හී දක්ෂ)

 

විෂ්ණු දේවධර්මානුකූල ස්වභාවය

විෂ්ණු සහ ලක්ෂ්මි, විෂ්ණුගේ වාහනය ගරුඬ මත සිටින අයුරු දැක්වේ.

වෛෂ්ණව දර්ශනයට අනුව විෂ්ණු දෙවියන් සියලු දේ තුල පවත්නා ශක්තියක ආකාරයේ දේවත්වයක් ලෙස පෙන්වා දෙන අතර පුරුෂ පරමාත්ම (උත්තරිතරම ආත්මය) අන්තරයාම් (සියල්ල තුල පවතින) සහ සියලූ ආත්මයන් ඇතුලත් (සාකල්‍යය) ලෙස හදුන්වයි. විෂ්ණු දෙවියන්ව “භගවත්“ නමින් ද හඳුන්වන අතර එහි සංස්කෘතික තේරුම සියළු භාග්‍ය අයත් කර ගන්නා බවයි. විෂ්ණු දෙවියන් සතු දිව්‍යමය තේජස් හයක් ඇත. ඒවා නම්,

·         සියල්ල දත් සියලූ දේ පිළිබදව සමගාමික දැනගැනිමේ බලය.

·         ඓශ්චර්ය ස්වාධිපත්‍ය සැමවිටම නොනැසි පවතින අභියෝගාත්මක නොවන පාලනය.

·         කල නොහැකි දේවල් කල හැකි දේවල් බවට පත් කිරිමේ ඇති ශක්තිය.

·         ඔහුගේ කැමැත්තට අනුව සහ තෙහෙට්ටුවකින් තොරව සැම දෙයක්ම කිරිමේ හැකියාව.

·         වීර්ය ශක්තිමත් බව හෝ නිර්භිත ක්‍රම මගින් අතිමහත් අධ්‍යාත්මික ගුණයකින් අද්‍රව්‍ය දේ             අල්ලා ගැනිමේ බලය.

·         තේජස් ඉතා දිප්තිමත් හෝ ශෝබාව මගින් ඔහුගේ ස්වයං හැකියා සහ ඔහුගේ ආධ්‍යාත්මක         ශක්තිය මගින් සියලූ දේවල් මැඩ පැවැත්විමේ හැකියාව. (උපුටා ගන්නා ලද්දේ ස්වාමි                 තපස්යාන්නදගේ වේදත්ත භක්ති පාසලෙනි)

විෂ්ණු දෙවියන්ගේ ඉහත සදහන් කල ගති ලක්ෂණය හය ඉතා වැදගත් වන අතර කෙසේ නමුත් නියම මංගල ගති ලක්ෂණ ගණනය කල නොහැක. අනිකුත් විෂ්ණු දෙවියන් සම්බන්ධව වැදගත් වන ගති ගුණ නම් ගම්භාහරිය (තක්සේරු කල නොහැකි ඓශ්ච්‍යය) අයුචාරය (නිර්ලෝභි බව) සහ අනුකම්පාව යන කරුණුයි. ඍග් වේදයට අනුව විෂ්ණුට තුන් ආකාරයට ගමන් කිරිම කල හැක. පලමු ආකාරය පොලව මත වේ. දෙවැන්න දෘශ්‍ය ආකාශයේය. තුන්වන ආකාරයට මිනිසුන්ට දැකිය නොහැකි අතර එය දෙව්ලොව වේ.



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

No comments:

Post a Comment