බුදු දහමට අනුව ලෝකය හැදෙන ආකාරය 


අපේ සිත විසින්ම සම්මුති ලෝකය සාදාගන්නේ කෙසේ ද යන්න කෙටියෙන් කිව්වොත් පංච උපාදාන ලෝකයත් තමයි අපි සම්මුති ලෝකය තුළ ඇසුරු කරන්නේ..

එතකොට ලෝකෙන් එතෙර වෙන්න නම් මේ සම්මුති ලෝකය හැදෙන විදිය පිළිබඳව අපි හොඳට දැනගන්න ඕන..

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන කොට අපි මේ ඇසුරු කරන ලෝකය ඇතිවෙන හැටි උන්වහන්සේ අවබෝධ කරගත්තා..ඒ නිසයි උන්වහන්සේ දේශනා කල ධර්මය ලෝකයෙන් එතෙර වන්න , නැත්තං ලෝකෝත්තර ධර්මයක් ලෙස දේශනා කර සිටියේ..

ලෝකය හැදෙන යාන්ත්රණය පැහැදිලි කිරීමට උන්වහන්සේ පරමාර්ථ නමින් සතරක් හඳුන්වා දුන්නා..මේවට කියනවා සතර පරමාර්ථ කියලා..

මෝනවද මේ සතර පරමාර්ථ..

1. රූප

2. චෛතසික

3. චිත්ත

4. නිර්වාණය

මේ පරමාර්ථ අභිධර්මයේදී විවිධ ආකාරයට බෙදා දක්වනවා..මෙම ලිපියේ ප්රධාන අරමුණක් එම සියළු බෙදීම් ගැන කතා කිරීම නොවන නිසා කෙටියෙන් මේ පරමාර්ථ හතර පිළිබඳ හඳුන්වා දෙන්නම්.

රූප කියන්නේ අපි සම්මතයක් වශයෙන් ගන්න මේ ලෝකයේ අපිට හමුවෙන සියලුමදේවල්..රූප වර්ග 28ක් ගැන අභි ධර්මයේ කියනවා..එයින් අටක්..හැම රූපයකම තියෙනවා..ඒවට කිව්වා ශුද්ධාෂ්ටක කියලා..පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහ ධාතුත්, ඒවා ඇසුරු කරගෙන පවතින වර්ණ, ගන්ධ, රස ඕජා කියන උපාදාය රූප ශුද්ධාෂ්ටක කියලා කියනවා..අනිත් බොහොමයක් සත්වයන් ඇසුරු කරගෙන තමයි පවතින්නේ...ඒ කියන්නේ අපිට හමුවන ගෙවල් දොරවල් යාන වාහන සත්වයන්න් මිනිසුන්, ආදී සියලු දේත් ,අපිට ඇසෙන ශබ්ද, නාසෙට දැනෙන ගන්ධ , දිවට දැනෙන රස ආදී සියලු දේවල් එම රූප කොටසට තමයි අයිති වෙන්නේ..

චෛතසික කියන්නේේ සිතේ ඇතිවන සිතුවිලි අභිධර්මයේ මේවා පනස් දෙකක් ගැන කියවෙනවා..

චිත්ත කියන්නේ චිත නැත්තං විඤ්ඤාණය..

නිර්වාණය කියන්නේ නිවන..නිර්වාණය සෝපාදිසේස නිර්වාණය අනුපාදිසේස නිර්වාණය කියලා දෙකකට බෙදනවා..ලෝකෙන් එතෙර වෙන්න නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන..

පරමාර්ථ ධර්ම තුළින් පළමු තුන රූප, චෛතසික, චිත්ත සංඛත පරමාර්ථ ලෙසත් නිර්වාණය අසංකත පරමාර්ථයක් ලෙසත් බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටියා. සංඛත කියන්නේ හේතු නිසා ඇතිවන, හේතු නැතිවීමෙන් නැතිවන ධර්මයන් . නිර්වාණය කියන්නේ හේතු නිසා ඇතිවන දෙයක් නොවෙයි.. සාක්ෂාත් කළ යුතු දෙයක්..

මෙතන අපි හොඳින් තේරුම් ගත යුතු තැනක්. සංකත පරමාර්ථ ( රූප චෛතසිකක චිත්ත)වලින් තමයි ලෝකය ඇති වෙන්නේ..උදාහරණයක් ලෙස යම් රූපයක් දැකලා සිතක් උපදවාගෙන ඒ තුළින් සිතුවිලි උපද්දවන්න පුළුවන්..මේ සතුවිලි කුසල් වෙන්නත් පුළුවන් අකුසල් වෙන්නත් පුළුවන්..ඒ කියන්නෙ හේතු තිබුණොත් අපි උත්සාහ කලත් නැතත් ලෝකයක හැදෙනවා..ඒකයි ලෝකය හදා ගැනීමට අපිට කිසිම වෑයමක් කරන්න ඕන නැත්තේ ඉබේම ඇතිවෙන දෙයක්..

අපි පුංචි උදාහරණයකින් සංකත පරමාර්ථ වලින් ලෝකේ හැදෙන විදිය පැහැදිලි කරගමු. අපි හිතමු පාරේ ඇවිදගෙන යනකොට ලස්සන මලක් දකිනවා කියලා..මේ මල දැක්කම අපිට හිතන්න පුළුවන් අනේ ලස්සන මලක් කඩාගෙන ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා කියලා කුසල සිතක් උපදවා ගන්න පුළුවන් ..එහෙම නැත්නම් මේක අල්ලපු ගෙදර මනුස්සයාගේ මල්ගහ පිටින්ම උදරල දාන්න ඕනි කියල අකුසල් සිතක් උපදවා ගන්නත් පුළුවන්, එහෙම නැත්තං ඒ මල පිළිබඳව උපේක්ෂා සහගත සිතක් උපදවා ගන්න පුළුවන්..හැබැයි මේ තුන් ආකාරය තුළම ලෝකයෙන් එතෙර වෙන ප්රතිපදාව  නෑ..මොකද අපි මල හදපු සංකත පරමාර්ථ ටික දැක්කේ නෑ..මල හදන්න උපකාර වූ සංඛත පරමාර්ථය වැය වෙලා නැත්තං අනිත්ය වෙලා කියලා දැක්කෙත් නෑ..

අපි එහෙනම් බලමු ඇත්තටම මොකක්ද සිද්ධ උනේ කියලා..ඇත්තටම සිදුවුණේ, රූප වලට අයත්.ශුද්ධාෂ්ටක වලින් හැදුනු දෙයක, වර්ණ රූපය , ඇස මත පතිත වෙලා , ඇසේ විඤ්ඤාණය මගින් , ස්පර්ශය නම් වූ සංසිද්ධියක් ඇතිවුණා. ස්පර්ශයෙන් ඇතිවූ වේදනා, සංඥා (චෛතසික )වලට හිතලා මලක් කියන හැඳින ගැනීමකට (විඤ්ඤාණය මගින්) ආවා ..අපිට මෙම දැකීමේ සංසිද්ධිය මෙතනින් නවත්තගන්න පුළුවන් උනොත් එදාටයි ලෝකයෙන් එතෙර වන්න පුළුවන් වෙන්න...හැබැයි අපි තුළ තියෙන අවිද්යාව , තණ්හා සහ ආශ්රව නිසා අපි දැකීම දැකීමකින් අවසන් කරන්නේ නැතුව,.මේ මල එලියේ තියෙනවා.. අපි එළියේ තියෙන මලකට හිත යොමු කරලා එය නිමිති කරගෙන කුසල් සහ අකුසල් චේතනා හදනවා.. හැබැයි, සංඛත ධර්ම එකතු වෙලා මළ නිර්මාණය කරපු බව අපි දන්නේ නෑ

මේ විදියට මේ සංඛත පරමාර්ථ තුන, රූප චෛතසික, චිත්ත එකතු වෙලා ලෝකේ හදන විදියට අපිට සෑම අරමුණුකම හොයාගන්න ගන්න පුළුවන් උනාම අපිට ලෝකයෙන් එතෙර වෙන්න පුළුවන්...හැබැයි බොහෝ විට අද වෙන්නේ අභිධර්මයේ ඉගෙනගෙන පරමාර්ථ ධර්ම වෙන වෙනම විග්රහ කරගෙන මහා දැනුමක් ගොඩනඟා ගන්නවා..ලෝකයෙන් එතෙර වන්නට නම් මෙම පරමාර්ථ ධර්මයයකට එකතු වෙලා අපිට ලෝකේ හැදෙන බවත් ඒවාට හේතු ප්රත්ය වූ ධර්මතා වෙන වෙනම හොයා ගන්න ඕනේ..ඒකටයි නාමරූප පරිච්ඡේද ඤාණය කියලා කියන්නේ.

සමහර විට අපි උත්සහ කළොත් අකුසල් සිත් උපදවා ගන්නැතුව කුසල් සිත් උපදවාගෙන ලෝකය තුළ ඉදිරියට යන්න පුළුවන්, දිව්ය බ්රහ්ම තල වලට වගේ..ලෝකය තුළ හික්මීමක් නොවුනොත් අකුසල් සිත් වැඩිවෙලා සතර අපායටත් යන්න පුළුවන්..එහෙනම් අපිට තේරෙනව ලෝකෙන් එතෙර වන්නන නම් කුසල් වඩනවා හෝ අකුසල් කරනවාට වඩා එහායින් කළ යුත්තක් තියෙනවා කියලා..

එය තමයි ලෝකයෙන් එතෙරවන ප්රතිපදාව..

අපිට පුළුවන් වුණොත් සංඛත පරමාර්ථ නිසා ඇතිවන ඵලය හේතු නැතිවෙනකොට නැති වෙනවා කියල දකින්න ,, දකින දේ දකින තැනකින් නවත්තන්න, අසන දේ ඇසුන තැනකින් නවත්තන්න, දැනෙන දේ දැනෙන තැනකින් නවත්තන්න, දැනගන්න දේ දැනගන්න තැනකින් නවත්වන්න, ඒ කියන්නේ ලෝකයක් හදා ගන්නේ නැතුව සිටින්න එදාට අපිට ලෝකයෙන් එතෙර වෙන්න පුළුවන්..එහෙම නැත්තං හේතු නිසා ඇතිවන රූප, චෛතසික, චිත්ත කියන පරමාර්ථ අපිට වෙන වෙනම සෑම අරමුණකම වෙන්කොට හඳුනාගන්න පුළුවන්නම් ලෝකය හැදෙන එක නවතීවි.

නිර්වාණය අසංකත ධර්මයක් කිව්වේ, එය හේතු නිසා ඉබේ හටගන්නක් නොවන නිසා..මොකද හේතුවලින් හට ගත්තොත් හේතු නැතිවෙනකොට නැතිවෙන්න ඕන..හැබැයි නිර්වානය කියන්නේ සදාකාලික දෙයක්..නිර්වාණය කියන්නේ ඉබේම හට ගන්නක් නොවන නිසා කුසල් විතරක් කරලා හරි, නිවන් සුව ලැබේවා කියලා ප්රාර්ථනාවකින් හෝ නිර්වාණයට ලඟා විය නොහැකි බව අපි තේරුම් ගන්න ඕනි.. ඒ සඳහා වැඩිය යුතු මාර්ගයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා..

ඒ සඳහා වැඩිය යුතු මාර්ගය හොඳින් දැනගන්න ඕන..ඒක අපි ඉදිරි ලිපියකින් කතා කරමු..

මේ උතුම් ධර්මය මෙපමණකින් හෝ අවබෝධ කරගැනීමට උපකාර වූ සියලු කල්යාණ මිත්ර ස්වාමීන් වහන්සේලාට පුණ්යානුමෝදනා කර සිටිමු.

තෙරුවන් සරණයි!

 

No comments:

Post a Comment